මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි
Heavy Lorry Plunges Down A Precipice Amidst Dense Fog Along The Kandy-Randenigala Royal Road
🚨 මහනුවර - රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගම සහ හකුරුතලේ අතර ප්රදේශයේදී ඊයේ (2026/10/21) උදෑසන බර පැටවූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුවිය. ප්රදේශයේ පැවති අධික ඝන මීදුම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රියදුරුට ඉදිරි මාර්ගය පැහැදිලිව දර්ශනය නොවීමෙන් පාලනය ගිලිහී ගොස් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මාර්ගයේ අයිනෙන් පහළ බෑවුමට පෙරළී ගිය ලොරි රථයේ ඉදිරිපස රියදුරු කුටිය සහ චැසිය ඇතුළු කොටස්වලට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර, එහි පටවා තිබූ ගෝනි තොගය මාර්ගය සහ පහළ බෑවුම පුරා විසිරී ගොස් තිබේ. අනතුර සිදුවූ අවස්ථාවේ රථයේ සිටි පිරිස සුළු තුවාල සහිතව අනූනවයෙන් දිවි බේරාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශයේ පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන පවත්වයි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: වලපනේ තෙරිපැහැ (Accident 1st Community Network)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kandy, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kandy?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.