කල්පිටිය-පලාවිය මාර්ගයේ ඒත්තාල හන්දියේදී හරස් කළ ත්රිරෝද රථයක් බේරීමට ගිය වෑන් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී පෙරළෙයි: කිහිපදෙනෙකුට තුවාල
🚨 කල්පිටිය - පලාවිය ප්රධාන මාර්ගයේ ඒත්තාල හන්දිය ප්රදේශයේදී අද (2026/10/19) පෙරවරු 10:45 ට පමණ රිදී පැහැති කුඩා වෑන් රථයක් (Suzuki Every වර්ගයේ රථයක්) මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුවිය. මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ ත්රිරෝද රථයක ගැටීම වැළැක්වීමට වෑන් රථයේ රියදුරු ක්ෂණිකව උත්සාහ කර ඇති අතර, එහිදී පැමිණි වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ බජාජ් පල්සර් (Bajaj Pulsar) වර්ගයේ යතුරුපැදියකද තදින් ගැටී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් පැත්තකට පෙරළී නතර වී ඇත. ප්රබල ගැටුමත් සමඟ නවතා තිබූ යතුරුපැදිය පොඩිපට්ටම් වී විනාශ වී ඇති අතර, වෑන් රථයේ ඉදිරිපස සුළං ආවරණ වීදුරුව, වහලය සහ පැති බඳටද දැඩි අලාභහානි සිදුවිය. අනතුර සිදුවූ අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ප්රදේශවාසීන් එක්ව ඔවුන්ව මුදාගැනීමට කටයුතු කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය මඟින් ඉදිරි විමර්ශන මෙහෙයවයි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Sugath Shanaka | Team1st
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Puttalam, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.