යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට
Elderly Cyclist Fatally Struck by Tipper Truck Near Inuvil Temple on Jaffna-KKS Road
🚨 යාපනය - කන්කසන්තුරේ (KKS) ප්රධාන මාර්ගයේ ඉනුවිල් ප්රදේශයේ කෝවිල ආසන්නයේදී අද (2026/10/22) අලුයම ටිපර් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් පාපැදියේ ගමන් ගත් වයෝවෘද්ධ පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. කහ පැහැති ලංකා අශෝක් ලේලන්ඩ් (Lanka Ashok Leyland 1616) වර්ගයේ බරැති ටිපර් රථයක් ධාවනය වෙමින් තිබියදී, මාර්ගයේ පදික මාරුවක් ආසන්නයේදී ගමන් ගත් පාපැදියේ තදින් ගැටී මෙම අනතුර සිදුව ඇත. ගැටුමත් සමඟ පාපැදිය සහ එය පදවාගෙන ගිය වැඩිහිටි පුද්ගලයා මාර්ගයේ තාර මතුපිට මතට ඇදවැටී ඇති අතර, ශරීරයට සහ හිසට එල්ල වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ. මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති අතර, අනතුරට සම්බන්ධ ටිපර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ප්රදේශයේ පොලීසිය මඟින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Senthooran Siva | Team1st
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Jaffna, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Jaffna?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.