බුත්තල-උනාවටුන මාර්ගයේදී යතුරුපැදියක් සහ පාපැදියක් මුහුණට මුහුණ ගැටී තිදෙනෙකුට තුවාල: යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් මොණරාගල මහ රෝහලට
Three people were injured in a head-on collision between a motorcycle and a bicycle on the Buttala-Unawatuna road: the motorcyclist was taken to Monaragala General Hospital in serious condition.
🚨 බුත්තල - උනාවටුන මාර්ගයේදී ඊයේ (2026/10/08) රාත්රී කාලයේදී ධාවනය වෙමින් තිබූ බජාජ් ප්ලැටිනා (Bajaj Platina) වර්ගයේ යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් බරපතළ රිය අනතුරක් සිදුවිය. ගැටුමෙන් යතුරුපැදියේ ඉදිරිපස ලාම්පු ආවරණය, මීටර් පුවරුව සහ හැඬලය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වී ඇති අතර, පාපැදියේ ඉදිරිපස රෝදය සහ සැකිල්ල සහමුලින්ම නැවී විනාශ වී තිබේ. අනතුරින් යතුරුපැදිකරු සහ පාපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා වහාම බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර, බරපතළ තත්ත්වයේ පසු වූ යතුරුපැදිකරු වැඩිදුර හදිසි ප්රතිකාර සඳහා මොණරාගල දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනිණි. අනතුර සම්බන්ධයෙන් ප්රදේශයේ පොලීසිය විමර්ශන පවත්වයි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Jayantha Weerasekara | MonaragalaTV
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Monaragala, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Monaragala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.