රැකියාවට යමින් සිටි තරුණ අඹුසැමි යුවළ හේනේගමදී S.L.T.B. බස් රථයක ගැටී එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට: ගිහාන් සහ නදීසා යුවළගේ අකල් වියෝව
The young couple, who were on their way to work, met S.L.T.B. at Henegama. Accidentally killed on the spot after being hit by a bus: Untimely demise of Gihan and Nadisa
🚨 ගම්පහ - කිරිඳිවැල (202) ප්‍රධාන මාර්ගයේ හේනේගම හන්දිය ආසන්නයේදී අද (2026/10/09) උදෑසන 7:00 ට පමණ සිදුවූ අතිශය හදකම්පා කරවන මාරක රිය අනතුරකින්, විවාහ වී මාස කිහිපයක් පමණක් ගතවූ තරුණ අඹුසැමි යුවළක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ඇත්තේ 26 හැවිරිදි ගිහාන් යන්දිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වූ 21 හැවිරිදි නදීසා තේජා නැමැති තරුණ යුවළයි. මොවුන් දෙදෙනා උදෑසන සිය රැකියා ස්ථානය බලා ගම්පහ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, ගම්පහ සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ කිරිඳිවැල ඩිපෝවට අයත් ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත. ගැටුමේ ප්‍රබලත්වය හේතුවෙන් යතුරුපැදිය බිම ඇදවැටී ඇති අතර, යතුරුපැදිය පැදවූ ගිහාන්ගේ හිස මතින් බස් රථයේ රෝදය ධාවනය වීම හේතුවෙන් ඔහු පැළඳ සිටි ආරක්ෂිත හිස්වැස්මද මුළුමනින්ම කුඩුපට්ටම් වී එම ස්ථානයේදීම දෙදෙනාම මියගොස් ඇත. ආරම්භ කළ නව දිවියේ අපමණ බලාපොරොත්තු පොදි බැඳගෙන රැකියාවට යමින් සිටි මේ තරුණ යුවළගේ අකල් වියෝව මුළු ප්‍රදේශයම දැඩි ශෝකයක ගිල්වා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Shavinda Lakshan (Accident 1st Community Network)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Gampaha, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Gampaha?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.