හැටන්-නුවරඑළිය මාර්ගයේ කුඩාගමදී තෙතමනය සහිත වංගුවේ ලිස්සා ගිය යතුරුපැදියක් ලොරි රථයක ගැටී අනූනවයෙන් දිවි බේරාගත් අයුරු CCTV කැමරාවේ
The CCTV camera shows how a motorcycle that skidded in a humid bend on the Hatton-Nuwaraeliya road collided with a lorry and escaped with ninety-nine lives.
🚨 හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේ පිහිටි තියුණු වංගුවකදී වර්ෂාව සහිත කාලගුණයත් සමඟ තෙතමනය සහිත මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් ලිස්සා ගොස් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක මුහුණත ගැටී අනතුරට ලක්වන ආකාරය ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියක සටහන්ව තිබේ. වංගුව ගැනීමේදී යතුරුපැදිය පාලනයෙන් ගිලිහී බිම ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ඉදිරිපස රෝදය ආසන්නයේ ගැටී නතර වී ඇත. ලොරි රථයේ රියදුරු ක්ෂණිකව තිරිංග යොදා රථය නතර කරගැනීමත්, යතුරුපැදිකරු තත්පරයෙන් පංගුවකදී ලොරි රථයේ රෝදයට යට නොවී පසෙකට විසිවීමත් හේතුවෙන් ඔහු කිසිදු බරපතළ හානියක් නොවී අනූනවයෙන් දිවි බේරාගැනීමට සමත් විය. අනතුර දුටු වහාම ප්රදේශවාසීන් සහ ලොරි රථයේ සිටි පිරිස් දිවවිත් යතුරුපැදිකරු නගිටුවා ගැනීමට කටයුතු කර තිබේ. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප / වීඩියෝ ස්තූතිය: Original Owner (Send by - Kavindu Perera | Team1st)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Nuwara Eliya, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Nuwara Eliya?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.