SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 தாம்பரே, நவகத்தேகம வீதி, Puttalam

நவகத்தேகம வீதி தாம்பரே பகுதியில் எஸ்கவேட்டர் ஏற்றிய லொறி பஸ் மீது மோதியதில் இலங்கை போக்குவரத்து சபை பஸ் நடத்துநர் உள்ளிட்ட பலர் வைத்தியசாலையில் அனுமதி

​නවගත්තේගම මාර්ගයේ තාඹරේදී එස්කැවේටරයක් පටවා පසුපසට ගත් ලොරියක බස් රථයක් ගැටෙයි: ලංගම බසේ කොන්දොස්තරවරයා ඇතුළු පිරිසක් රෝහලේ

📅 Oct 18, 2026, 4:22 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 7 views
✓ Verified Incident Telemetry
நவகத்தேகம வீதி தாம்பரே பகுதியில் எஸ்கவேட்டர் ஏற்றிய லொறி பஸ் மீது மோதியதில் இலங்கை போக்குவரத்து சபை பஸ் நடத்துநர் உள்ளிட்ட பலர் வைத்தியசாலையில் அனுமதி
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 1
⚰️ Fatalities 0
🚗 Vehicles Bus, Lorry with Excavator
🌧️ Road Condition Dry

நவகத்தேகம பிரதான வீதி தாம்பரே பகுதியில் இன்று (2026/10/18) முற்பகல் இடம்பெற்ற விபத்தில், இலங்கை போக்குவரத்து சபை பஸ்ஸும் எஸ்கவேட்டர் ஏற்றிய லொறியும் மோதியதில் பஸ் நடத்துநர் மற்றும் சில பயணிகள் காயமடைந்து வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர்.

நவகத்தேகம பிரதான வீதி தாம்பரே பகுதியில் இன்று (2026/10/18) முற்பகல் இடம்பெற்ற இந்த விபத்து தொடர்பில் விசாரணைகள் ஆரம்பிக்கப்பட்டுள்ளன. கொபெல்கோ (Kobelco) ரக எஸ்கவேட்டர் இயந்திரம் ஏற்றிச் சென்ற டாடா லொறி ஒன்று, எத்தகைய பாதுகாப்பான சைகைகளும் இன்றி பாதுகாப்பற்ற முறையில் பிரதான வீதிக்கு பின்னோக்கி (Reverse) இயக்கப்பட்டுள்ளது. அப்போது அனுராதபுரம் - கல்கமுவ ஊடாக நவகத்தேகம நோக்கிப் பயணித்த கல்கமுவ depot-க்கு சொந்தமான 57 ஆம் இலக்க இலங்கை போக்குவரத்து சபை பஸ் மீது அந்த எஸ்கவேட்டரின் பூம் அண்கலம் (Boom Arm) கடுமையாக மோதியுள்ளது. இந்த மோதலின் காரணமாக பஸ்ஸின் முன்பக்க இடது பக்க கதவு, கூரையின் ஒரு பகுதி மற்றும் நடுப்பக்க கண்ணாடி சன்னல்கள் முற்றிலுமாக சேதமடைந்துள்ளன. அந்த நேரத்தில் பஸ்ஸின் முன்பக்க படியில் நின்றிருந்த நடத்துநர் மற்றும் சில பயணிகள் காயமடைந்து உடனடியாக வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டனர். பொலிஸார் மேலதிக விசாரணைகளை மேற்கொண்டு வருகின்றனர். பயணிகளின் பாதுகாப்பை உறுதிப்படுத்த பாரிய இயந்திரங்களை வீதிக்கு திருப்புதியின்போது முறையான சைகை உதவியாளர்களை (Banksman) ஈடுபடுத்துவது அவசியமாகும். அவசர காலங்களில் உடனடியாக 1990 சுவசேரிய அம்புலன்ஸ் சேவையை நாடவும்.
​🚨 නවගත්තේගම ප්‍රධාන මාර්ගයේ තාඹරේ ප්‍රදේශයේදී අද (2026/10/18) පෙරවරුවේ බරපතළ රිය අනතුරක් සිදුවිය. ​කොබෙල්කෝ (Kobelco) වර්ගයේ එස්කැවේටර් යන්ත්‍රයක් පටවාගත් ටාටා ලොරි රථයක් කිසිදු ආරක්ෂිත සංඥාවකින් තොරව අනාරක්ෂිත ලෙස ප්‍රධාන මාර්ගයට පසුපසට (Reverse) ධාවනය කර ඇති අතර, ඒ මොහොතේ අනුරාධපුරය - ගල්ගමුව හරහා නවගත්තේගම බලා ධාවනය වෙමින් තිබූ මාර්ග අංක 57 දරන ගල්ගමුව ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක එම එස්කැවේටරයේ බූම් හස්තය (Boom Arm) සහ යටි බඳ තදින් ගැටී ඇත. ​ගැටුමත් සමඟ බස් රථයේ ඉදිරිපස වම්පස දොරටුව, වහලයේ කොටසක් සහ මැද ජනෙල් කවුළු පෙළ සහමුලින්ම කඩාගෙන ඉරී ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස පාපුවරුව අසල සිටි කොන්දොස්තරවරයා සහ මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැණිනි. පොලිස් නිලධාරීන් පැමිණ අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. ​"ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." ​📷 ඡායාරූප ස්තූතිය: SLTB Galgamuwa (විශේෂ ස්තූතිය: Shan Ranasinghe | Team1st) Road Safety Lesson (මාර්ග ආරක්ෂණ පාඩම සහ විමර්ශනය) ​බර යන්ත්‍රෝපකරණ ප්‍රධාන මාර්ගයට ගැනීමේදී ආරක්ෂිත සහායකයෙකු (Banksman / Spotter) නොසිටීම: එස්කැවේටර් හෝ බැකෝ යන්ත්‍ර වැනි උස් යන්ත්‍ර පටවාගත් ලොරි රථ ප්‍රධාන මාර්ගයකට පසුපසට (Reversing) ගැනීමේදී රියදුරුට පසුපස පෙනීම (Rear Blind Spots) අතිශයින් අවහිර වේ. එවැනි අවස්ථාවල ප්‍රධාන මාර්ගයේ දෙපසින් එන වාහන නවතා සංඥා කිරීමට අවම වශයෙන් දෙදෙනෙකුවත් රතු කොඩි හෝ ආරක්ෂිත ඇඳුම් සහිතව යෙදවීම අනිවාර්ය වේ. ​උස් බර උපකරණවල නෙරාගිය කොටස් (Protruding Boom Hazards): එස්කැවේටරයේ යකඩ බකට් එක සහ හස්තය (Boom & Arm) නෙරා තිබීම නිසා, සාමාන්‍ය රථවාහනවල බොඩියට ඉහළින් වීදුරු සහ වහල මට්ටමට සෘජුවම පහර වදී. මෙය මගීන්ගේ ගෙල හා හිස ආශ්‍රිතව අතිශය මාරාන්තික අනතුරු නිර්මාණය කරයි. ​ප්‍රධාන මාර්ගවලදී ඉදිරි දැක්ම සහ ආරක්ෂිත වේගය: පාර අයිනේ ඉදිකිරීම් කටයුතු හෝ බර වාහන පවතින කලාප පසුකිරීමේදී බස් රථ රියදුරන් තම වේගය කල්තියාම අවම කරගත යුතුය. හදිසි අනතුරකදී වහාම 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Puttalam, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Puttalam?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මන්නාරම මඩු ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මාරක අනතුරක්: 55 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට, තිදෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Mannar
📅 Oct 18 • 📍 Periyapandivirujan, Madhu

මන්නාරම මඩු ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මාරක අනතුරක්: 55 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට, තිදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
කඩුගන්නාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක වහලය පලාගෙන විශාල ගලක් ඇතුළට පතිත වෙයි: දෙදෙනෙකු රෝහල්ගත කෙරේ 🚨 Other Accidents & Mishaps 📍 Kandy
📅 Oct 17 • 📍 Kadugannawa, Colombo-Kandy Road

කඩුගන්නාව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක වහලය පලාගෙන විශාල ගලක් ඇතුළට පතිත වෙයි: දෙදෙනෙකු රෝහල්ගත කෙරේ

විස්තර බලන්න (Read Report) →
මහියංගනය උසාවිය අසලදී ලංගම බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී බරපතළ අනතුරක් 🚨 General Road Accidents 📍 Badulla
📅 Oct 17 • 📍 Near Mahiyangana Court, Main Road

මහියංගනය උසාවිය අසලදී ලංගම බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී බරපතළ අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Ampara
📅 Oct 17 • 📍 Kalmunai Town Main Road

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Puttalam
📅 Oct 16 • 📍 Near Mee Oya Bridge, Puttalam-Karuwalagaswewa Road

පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Badulla
📅 Oct 16 • 📍 Near Damro Showroom, Nugatalawa, Welimada

වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue