නවගත්තේගම මාර්ගයේ තාඹරේදී එස්කැවේටරයක් පටවා පසුපසට ගත් ලොරියක බස් රථයක් ගැටෙයි: ලංගම බසේ කොන්දොස්තරවරයා ඇතුළු පිරිසක් රෝහලේ
SLTB Bus Collides with Unsafe Reversing Excavator Lorry in Tambare, Nawagattegama; Conductor and Passengers Hospitalized
🚨 නවගත්තේගම ප්රධාන මාර්ගයේ තාඹරේ ප්රදේශයේදී අද (2026/10/18) පෙරවරුවේ බරපතළ රිය අනතුරක් සිදුවිය. කොබෙල්කෝ (Kobelco) වර්ගයේ එස්කැවේටර් යන්ත්රයක් පටවාගත් ටාටා ලොරි රථයක් කිසිදු ආරක්ෂිත සංඥාවකින් තොරව අනාරක්ෂිත ලෙස ප්රධාන මාර්ගයට පසුපසට (Reverse) ධාවනය කර ඇති අතර, ඒ මොහොතේ අනුරාධපුරය - ගල්ගමුව හරහා නවගත්තේගම බලා ධාවනය වෙමින් තිබූ මාර්ග අංක 57 දරන ගල්ගමුව ඩිපෝවට අයත් ශ්රී ලංගම බස් රථයක එම එස්කැවේටරයේ බූම් හස්තය (Boom Arm) සහ යටි බඳ තදින් ගැටී ඇත. ගැටුමත් සමඟ බස් රථයේ ඉදිරිපස වම්පස දොරටුව, වහලයේ කොටසක් සහ මැද ජනෙල් කවුළු පෙළ සහමුලින්ම කඩාගෙන ඉරී ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස පාපුවරුව අසල සිටි කොන්දොස්තරවරයා සහ මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැණිනි. පොලිස් නිලධාරීන් පැමිණ අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: SLTB Galgamuwa (විශේෂ ස්තූතිය: Shan Ranasinghe | Team1st)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Puttalam, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.