රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ
Ratmalgahava petrol station workers run away in fear after seeing an elephant break into it early in the morning: CCTV footage shows how they survived unharmed
🚨 අනුරාධපුර දිස්ත්රික්කයේ රත්මල්ගහවැව පිහිටි ඉන්ධන පිරවුම්හලකට (2026/10/06) අලුයම 04:07 ට පමණ විශාල වන අලියෙකු අනපේක්ෂිත ලෙස කඩාවැදීමේ දුර්ලභ හා තැතිගන්වනසුලු සිදුවීමක් ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියක සටහන්ව තිබේ. අලුයම් කාලයේදී ඉන්ධන පොම්ප අසල රාජකාරියේ නිරතව සිටි සේවකයින් හා අවට සිටි සුනඛයෙකු වන අලියා පැමිණෙනු දැක කෑගසමින් ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන වෙත දිවගොස් සැඟවීමට සමත් විය. කිසිදු පුද්ගලයෙකුට පහරදීමකින් හෝ ඉන්ධන බෙදාහැරීමේ පොම්ප පද්ධතියට හානි කිරීමකින් තොරව වන අලියා පිරවුම්හල් පරිශ්රයෙන් පිටව ගිය අතර, මහත් විනාශයක් හෝ ජීවිත හානියක් නොවී බේරී ඇත්තේ සේවකයින්ගේ ක්ෂණික සෝදිසිය නිසාය. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප / වීඩියෝ ස්තූතිය: Original Owner (Send by: Kavindu Perera | Team1st)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Anuradhapura, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.