මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්
On Matara-Akurassa road, near Isadeen city, a three-wheeler lost control due to a sudden illness of the driver and collided with two cars.
🚨 මාතර - අකුරැස්ස ප්රධාන මාර්ගයේ ඉසදීන් නගරය ආසන්නයේදී අද (2026/10/08) දහවල් 2:00 ට පමණ ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයක රියදුරුට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රථය පාලනයෙන් ගිලිහී ගොස්, මාර්ගය පසෙක නවතා තිබූ මෝටර් රථයක පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුවිය. ත්රිරෝද රථය පළමුව නවතා තිබූ නිල් පැහැති වැගන් ආර් (Suzuki Wagon R Stingray) රථයේ පසුපස ගැටී ඇති අතර, එම කම්පනයත් සමඟ ඉදිරියට තල්ලු වූ වැගන් ආර් රථය ඊට ඉදිරියෙන් නවතා තිබූ සුදු පැහැති හොන්ඩා වෙසල් (Honda Vezel) රථයේ පිටුපස ගැටීමෙන් දාම අනතුරක් (Chain-reaction impact) නිර්මාණය විය. මෙම අනතුරින් ත්රිරෝද රථයේ ඉදිරිපස මඩ්ගාඩ්, වීදුරුව සහ බොඩි කොටසට හානි සිදුවී ඇති අතර, වැගන් ආර් රථයේ පසුපස වීදුරුව ගැලවී බිම පතිත වී ඩිකිය සහ ඉදිරිපස බම්පරය තැලී ගොස් තිබේ. හොන්ඩා වෙසල් රථයේ පසුපස බම්පරයටද අලාභහානි සිදුව ඇත. අසනීප තත්ත්වයට පත් ත්රිරෝද රථ රියදුරා වහාම ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගැණිනි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Chaminda Jayasekara (Accident 1st Community Network)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Matara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Matara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.