කඩුගන්නාව ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක වහලය පලාගෙන විශාල ගලක් ඇතුළට පතිත වෙයි: දෙදෙනෙකු රෝහල්ගත කෙරේ
Massive Boulder Collapses onto Moving Passenger Bus Along the Peradeniya-Colombo Highway in Kadugannawa; Two Hospitalized
🚨 කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව කඳුකර මාර්ග කොටසේදී ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මතට අද (2026/10/17) පස්වරුවේ ඉහළ කන්දෙන් ගැලවී ආ විශාල ගලක් පතිත වීමෙන් අනතුරක් සිදුවිය. කඳු මුදුනෙන් පෙරළී ආ විශාල ගල් කුට්ටිය බස් රථයේ වහලය හා සිවිලිම විදගෙන මගී අසුන් මතට කඩා වැටී ඇති අතර, ඒ අවස්ථාවේ අසුන්වල සිටි මගීන් දෙදෙනෙකු තුවාල ලබා කඩිනමින් ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගැණිනි. පතිත වූ ගල් කුට්ටිය හේතුවෙන් බස් රථයේ වහලයට සහ ඇතුළත ආසනවලට දැඩි හානි සිදුව ඇති අතර, ගල සෘජුවම මගීන්ගේ හිස් මතට නොවැටී අසුන මතට පතිත වීමෙන් මහා විනාශයක් වැළකී ගියේය. අනතුරත් සමඟ බස් රථයේ සිටි මගීන් දැඩි බියට හා කම්පනයට පත්ව තිබේ. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 වීඩියෝ ස්තූතිය: I.Rajapaksha (Accident 1st Community Network)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kandy, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kandy?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.