සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ
Luxury Bus Overturns in Saliyawewa: Two Dead and 12 Injured After Striking Utility Pole
🚨 කොළඹ සිට මන්නාරම බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී ප්රවාහන බස් රථයක් (Sunlong Luxury Bus), පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව පොකිස්වසමේ මහ හේන්යාය ප්රදේශයේදී අද (2026/10/22) පස්වරු 5:40 ට පමණ රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් බරපතළ මාරක රිය අනතුරක් සිදුවිය. මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බස් රථය අධිබලැති විදුලි රැහැන් සහිත කොන්ක්රීට් කණුවකද තදින් ගැටී කඩාගෙන ගොස් පැත්තකට පෙරළී නතර වී ඇති අතර, අනතුරින් බස් රථයේ ඉදිරිපස සුළං ආවරණ වීදුරුව සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී වහලයට සහ මගී කුටියට දැඩි ලෙස අලාභහානි සිදුවී තිබේ. මෙම ඛේදනීය අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. තවද පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු තුවාල ලබා පළමුව අලුත්ගම ග්රාමීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. රාත්රී කාලයේ ප්රදේශවාසීන්, සහන සේවා කණ්ඩායම් සහ සාලියවැව පොලීසිය එක්ව ක්රේන් ආධාරයෙන් පෙරළුණු බස් රථය තුළ සිරවී සිටි මගීන් මුදාගැනීමේ කටයුතු සිදුකරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Rumesh Isuranga (Accident 1st Community Network)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Islandwide, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Islandwide?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.