🚨 CCTV & Dashcam
Severity: Minor
📍 General / Unspecified Area, Islandwide
An accident occurred when a motorcycle tried to overtake a left-turning car
වමට හරවන මෝටර් රථයක් වම්පසින් ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් ගැටී අනතුරක්
📅 Oct 4, 2026, 6:40 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 14 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Motorcycle
🌧️ Road Condition
Dry
🚨 The terrible result of overtaking on the left (Undertaking) - do you also make these mistakes? A nearby CCTV camera recorded an accident that occurred when a car in front of the road was trying to turn left (or take a left turn on the road), and a motorcycle coming from behind was going to overtake the car on the left. Fortunately, the motorcyclist was wearing a helmet and was able to control his speed, so he was saved without any serious injuries.
Went to the left and got pinched, right?
🚨 The terrible result of overtaking on the left (Undertaking) - do you also make these mistakes? A nearby CCTV camera recorded an accident that occurred when a car in front of the road was trying to turn left (or take a left turn on the road), and a motorcycle coming from behind was going to overtake the car on the left. Fortunately, the motorcyclist was wearing a helmet and was able to control his speed, so he was saved without any serious injuries.
🛡️ Road Safety Advisory (Road Safety Advisory):
Undertaking from the left is deadly: According to the Sri Lanka traffic law, any vehicle should be overtaken on the right side only. When a vehicle in front is slowing down or giving a left signal, never try to sneak through the small gap between that vehicle and the curb.
Left blind spot (Blind Spot): Many motorists find it very difficult to see the motorcycle coming from the left very close to the vehicle in the side mirror while turning left. ATTENTION TO DRIVERS: Before turning left, turn on the left signal lamp at least 50 meters, double check the side mirrors and move the vehicle to the left corner of the road before making the turn.
Video credit - C.Aluthge
Sent by - S.K.karunanayake | Team1st
#Accident1st
වමෙන් ගිහින් ඇනගත්තා නේද 😵💫
🚨 වමෙන් ඉස්සර කිරීමේ (Undertaking) භයානක ප්රතිඵලය – ඔබත් මෙවැනි වැරදි කරනවාද?
මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් වම්පසට හැරවීමට (හෝ මාර්ගයේ වම්පසට ගැනීමට) උත්සාහ කරන අවස්ථාවේදී, පිටුපසින් පැමිණි යතුරුපැදියක් එම මෝටර් රථය වම්පසින් ඉස්සර කිරීමට (Undertake) යාමේදී සිදුවූ අනතුරක් අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
වාසනාවකට මෙන් යතුරුපැදිකරු ආරක්ෂිත හිස්වැසුම් (Helmet) පැළඳ සිටීම සහ වේගය පාලනය කර තිබීම නිසා බරපතල ජීවිත හානියක් සිදුනොවී දිවි බේරාගෙන ඇත.
🛡️ මාර්ග ආරක්ෂණ පාඩම (Road Safety Advisory):
වමෙන් ඉස්සර කිරීම (Undertaking) මාරාන්තිකයි: ශ්රී ලංකා රථවාහන නීතියට අනුව ඕනෑම වාහනයක් ඉස්සර කළ යුත්තේ දකුණු පසින් පමණි. ඉදිරියෙන් ඇති වාහනයක් වේගය අඩු කරන විට හෝ වමට සංඥා (Left Signal) දමන විට කිසිවිටෙකත් එම වාහනය සහ පාර අයින අතර ඇති කුඩා හිඩැසෙන් රිංගීමට උත්සාහ නොකරන්න.
වම්පස අන්ධ කලාපය (Blind Spot): බොහෝ මෝටර් රථ රියදුරන්ට වම්පස හැරවීමේදී, වාහනයට ඉතා ආසන්නයෙන් වම්පසින් එන යතුරුපැදි පැති කණ්ණාඩියෙන් (Side Mirror) දැකගැනීම ඉතා අපහසුය.
රියදුරන්ගේ අවධානයට: වමට හැරවීමට පෙර අවම වශයෙන් මීටර් 50කට කලින් වම් සිග්නල් ලාම්පුව දල්වා, පැති කණ්ණාඩි දෙවරක් පරීක්ෂා කර පාරේ වම් කෙළවරට වාහනය ගෙන පසුව හැරවීම සිදුකරන්න.
Video credit - C.Aluthge
Send by - S.K.karunanayake | Team1st
#Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Islandwide?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.