තුම්මුල්ල මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලකින් පිටවූ ත්‍රිරෝද රථයක් හදිසියේ ගිනිගෙන අළු දූලි වෙයි: ගිනි නිවන හමුදාව පැමිණියත් රථය සම්පූර්ණයෙන්ම විනාශයි
A three-wheeler suddenly bursts into flames after leaving a petrol station at Tummulla intersection: The vehicle was completely destroyed even when the fire brigade arrived.
🚨 කොළඹ තුම්මුල්ල මංසන්ධියේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන ප්‍රධාන මාර්ගයට පිටව යමින් තිබූ ත්‍රිරෝද රථයක අද (2026/10/06) පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නකින් එම රථය මුළුමනින්ම දැවී අළුවී ගොස් තිබේ. ගින්න හටගත් ක්ෂණිකවම පිරවුම්හල් සේවකයින් සහ ප්‍රදේශවාසීන් අතැති ගිනි නිවන උපකරණ (Fire Extinguishers) උපයෝගී කරගනිමින් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වුවද, දැඩි ලෙස ගිනිදැල් පැතිර යාම නිසා එය පාලනය කරගත නොහැකි විය. අනතුරුව කොළඹ මහ නගර සභාවේ (CMC) ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ දෙකක් කඩිනමින් එම ස්ථානයට ළඟා වී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගත්තද, ඒ වන විටත් ත්‍රිරෝද රථයේ සියලුම අභ්‍යන්තර උපාංග සහ සැකිල්ල සහමුලින්ම විනාශ වී තිබිණි. වාසනාවකට මෙන් ගින්න හටගත් වහාම රියදුරු ඉවතට පැනීම නිසා කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ පිළිස්සුම් තුවාල වාර්තා වී නොමැත. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Tharaka Prasad (විශේෂ ස්තූතිය - Senthooran siva)
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.