හැටන්-පුලියාවත්ත මාර්ගයේ දරවල ප්‍රදේශයේදී කිරි ප්‍රවාහන බොලෙරෝ රථයක් සහ වැලි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී දරුණු අනතුරක්: කැබ් රථ රියදුරු බරපතළ තත්ත්වයෙන් රෝහලට
A milk transport bolero and a sand dumper collided head-on at Darawala area on the Hatton-Puliawatta road: the cab driver was taken to the hospital in critical condition.
🚨 හැටන් - පුලියාවත්ත මාර්ගයේ දරවල ප්‍රදේශයේදී අද (2026/10/05) උදෑසන 07:00 ට පමණ කිරි ප්‍රවාහනය කරමින් තිබූ මහින්ද්‍රා බොලෙරෝ (Mahindra Bolero Maxi Truck) වර්ගයේ කැබ් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ බර ටිපර් රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් බරපතළ රිය අනතුරක් සිදුවිය. ගැටුමේ ප්‍රබලත්වය හේතුවෙන් බොලෙරෝ රථයේ ඉදිරිපස එන්ජින් කුටිය, බම්පරය සහ රියදුරු කුටිය සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී ගොස් ඇති අතර, එහි සිරවී සිටි රියදුරා ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා මුදාගෙන කඩිනමින් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී. ටිපර් රථයේ ඉදිරිපස රෝදය සහ මඩ්ගාඩ් ආශ්රිත ප්‍රදේශයටද අලාභහානි සිදුව ඇත. "ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ." 📷 ඡායාරූප ස්තූතිය: Indika Roshan
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Nuwara Eliya, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Nuwara Eliya?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.